menu-iconlogo
huatong
huatong
abhisheka-wimalaweera-dekopul-kandulin-thema-cover-cover-image

Dekopul Kandulin Thema | Cover

Abhisheka Wimalaweerahuatong
🎼🇱🇰SanDaRu🇱🇰🎼🅱️🅴🅰️🆃huatong
Liedtext
Aufnahmen
(A) දෙකොපුල් කඳුලින් තෙමා

තොල්පෙති නළලත තබා

නික්මුණ දා හිස සිඹ මා

ලතැවෙමි රෑ තුන්යාමේ..

සුහදිනියේ.. හ්ම්ම් ම්..

(B) මින් පෙරදී අපි මේ වගේ

වෙන්වී යන්නට ඇති..

මේ කඳුළු ගංගා ඉමේ කොතැනක හෝ..

මගෙ ජීවිතේ ඉකිබිඳී

ඔබේ දෙනෙත් යලි යලි සොයයි..

අපි පතා ආවා වගේ.. වෙන්වී යයි..

(A) ඔබෙ පපුතුරේ මා හිඳී

මගෙ පපුතුරේ ඔබ හිඳී

ලංවෙන්න වෙන්නේ නම් නෑ.. සුහදිනියේ..

(B) දෙකොපුල් කඳුලින් තෙමා

තොල්පෙති නළලත තබා..

නික්මුණ දා හිස සිඹ මා

ලතැවෙමි රැ තුන්යාමේ..

සුහදිනියේ.. හ්ම්ම්.. ම්ම්...

(A) සුදු සිනිඳු මල් පෙති වගේ

ගිලිහී යන්නට ඇති

මුදු සුවඳ දැනෙනා ඉමේ දෙතැන පිපී..

හමුවීම ප්‍රේමය නොවේ

වෙන්වීම ප්‍රේමය වඩයි

අපි පතා ආවා වගේ.. වෙන්වී යයි..

(B) ඔබෙ සිහිනවල මා හිඳී

මගෙ සිහිනවල ඔබ හිඳී

එය පියවි ලෝකය නොවේ.. සුහදිනියේ..

(A) දෙකොපුල් කඳුලින් තෙමා

තොල්පෙති නළලත තබා

නික්මුණ දා හිස සිඹ මා

ලතැවෙමි රෑ තුන්යාමේ..

සුහදිනියේ.. හ්ම්ම් ම්.. හා...

BEAT (මේ අපේ තාලෙට)

Mehr von Abhisheka Wimalaweera

Alle sehenlogo