බඹරෙකු හැඩුවා
මලක් ලගදි බඹරෙකු හැඩුවා හැඩුවා .....
මලක් ලගදි බඹරෙකු හැඩුවා.........
ඇහේ කදුලු ඇති ඒ බඹරිදු දැක
හඩන්නේ ඇයිදෝ මල ඇසුවා
මල ඇසුවා......
ලන්ද එහා ඇති ඕවිට පාමුල
කේතකි මල මට බහ දුන්නා
කව්දෝ ඇවිදින් එ මල නෙලූ බව
ඉකිබිදිමින් බඹරිදු කීවා......
ඇහේ කඳුලු නොව හිතේ කදුලු දැක
ඇයටත් හරියට දුක හිතුනා....
එහෙනම් මා වෙත පියඹා එන්නැයි
සෙනෙහෙ සිතින් ඒ මල කීවා..........
බඹරෙකු හැඩුවා
මලක් ලගදි බඹරෙකු හැඩුවා හැඩුවා .....
මලක් ලගදි බඹරෙකු හැඩුවා.........