menu-iconlogo
huatong
huatong
avatar

Diya Kinduriya se sagare

H. R. Jothipalahuatong
niecydouglashuatong
가사
기록
Lyrics by:

shashika erandi

දියකිඳුරිය සේ සාගරේ...

දෝතින් ගෙන ආ ආදරේ...

මහද විමනේ... ආලසිතුවම්...

රුවන් රූ... පිලිරූ මැවේ...

කිවමැන ඔබ කවුදෝ ලඳේ

දියකිඳුරිය සේ සාගරේ...

දෝතින් ගෙන ආ ආදරේ...

මහද විමනේ... ආලසිතුවම්...

රුවන් රූ... පිලිරූ මැවේ...

කිවමැන ඔබ කවුදෝ ලඳේ

shashika erandi

දේහලතාවේ... රූසිරු වරුනේ...

නොදැනී මේ නෙත යාවෙලා...

දීගු නිල් වරලේ... නිලුපුල් නයනේ

සැඟවේවා හද පාවෙලා...

ගිනිදැල් පරදා... හසකැන් නැගුනා.

පෙම් ඇරයුම් ගෙන ආ නියා...

මනසේ ඇඳුනා... දෙනෙතින් මිදුනා...

සිහිනය සේ නොපෙනී ගියා...

මේ දිවි ගමනේ... රන්ටැඹ ඔබ වේ..

උපදින සසරේ වාසනා...

දියකිඳුරිය සේ සාගරේ...

දෝතින් ගෙන ආ ආදරේ...

මහද විමනේ... ආලසිතුවම්...

රුවන් රූ... පිලිරූ මැවේ...

කිවමැන ඔබ කවුදෝ ලඳේ

shashika erandi

දෙදෙනා හමුවී... පෙරදා සසරේ

උන්නා සේ මට ලං වෙලා...

සුපුරුදු සුවඳයි... ඔබ ලඟ දැනුනේ

කවුරුන්දෝ මේ රූපිකා..

හිරු දැක බිඳෙනා... හිරිමල වාගේ

ඔබ ඇසුරින් වෙන්වී නොයා

රෑ තනි ඉවුරේ... ඈත ඉසවුවේ

දෙදෙනා යමු පෙම් චාරිකා..

තනිවෙමු ඔබ මා... මේ සැනකෙලියේ

ඔබටයි මේ පෙම් ගීතිකා

දියකිඳුරිය සේ සාගරේ...

දෝතින් ගෙන ආ ආදරේ...

මහද විමනේ... ආලසිතුවම්...

රුවන් රූ... පිලිරූ මැවේ...

කිවමැන ඔබ කවුදෝ ලඳේ

END

By: Shashika Erandi

H. R. Jothipala의 다른 작품

모두 보기logo