රත්තරන් පෙම් පුරාණේහී සිතුවම් මකා
යන්න මගෙ අන්ධ නෙත් තාම නොපෙනේ ළදේ
මට ඔබේ කුරිරු පිටුපෑම නොපෙනෙන්න නම්
දිළිදු මේ අන්ධ නෙත් වාසනාවන් ළදේ
රත්තරන් පෙම් පුරාණේහී සිතුවම් මකා
යන්න මගෙ අන්ධ නෙත් තාම නොපෙනේ ළදේ
ලොවක හිරු ඒළිය සදපාන දැක ගන්න හෝ
උරුම පිං මහිම නැති මා වගේ අන්ධයෝ
කිමද නෙතු දිළෙන අගනුන්ට බැන්දේ සෙනේ
ඔබ නොවේ ළදුනි මා අතිනි වරදක් උනේ
ලොව පෙනී ඔබද ලොව අදුරු මට පෙම් බැදී
උන්නු ඒ යුගය අවසන්ද මගෙ ලොව බිදී
රත්තරන් පෙම් පුරාණේහී සුතුවම් මකා
යන්න මගෙ අන්ධ නෙත් තාම නොපෙනේ ළදේ
තේජ අසමාණ බලධාරි දෙවියන් පවා
දෑස නැති උන් රකින්නේද සැනසුම් දෙවා
දෑස අැති අයට පමණක්ද උරුමේ සෙනේ
ළදුනි අාදරය අද අපිට නැතිදෝ අනේ
ලොව පෙනී ඔබද ලොව අදුරු මට පෙම් බැදී
උන්නු ඒ යුගය අවසන්ද මගෙ ලොව බිදී
රත්තරන් පෙම් පුරාණේහී සිතුවම් මකා
යන්න මගෙ අන්ධ නෙත් තාම නොපෙනේ ළදේ
ලොවක හිරු ඒළිය සදපාන දැක ගන්න හෝ
උරුම පිං මහිම නැති මා වගේ අන්ධයෝ
කිමද නෙතු දිළෙන අගනුන්ට බැන්දේ සෙනේ
ඔබ නොවේ ළදුනි මා අතිනි වරදක් උනේ
ලොව පෙනී ඔබද ලොව අදුරු මට පෙම් බැදී
උන්නු ඒ යුගය අවසන්ද මගෙ ලොව බිදී
රත්තරන් පෙම් පුරාණේහී සිතුවම් මකා
යන්න මගෙ අන්ධ නෙත් තාම නොපෙනේ ළදේ
මට ඔබේ කුරිරු පිටුපෑම නොපෙනෙන්න නම්
දිළිදු මේ අන්ධ නෙත් වාසනාවන් ළදේ