වීදි කොනේ මාවත අද්දර
හඬනා කිරි දරුවෝ
කවදා හෝ නුඹ වියපත් වූ දා
පියා කොහේ දැයි මවගෙන් අසනු එපා
Music
මමත් පියෙකි පුත නුඹ වැනි දරුවෙකුගේ
මටත් දැනේ ඔය පොඩි සිත දැවෙන රඟේ
බලා ඉඳිමි මම නුඹ නළවන්නට
පොඩි හිස අතගා සුරතල් පුතේ කියා
වීදි කොනේ මාවත අද්දර
හඬනා කිරි දරුවෝ
කවදා හෝ නුඹ වියපත් වූ දා
පියා කොහේ දැයි මවගෙන් අසනු එපා
Music
පියෙක් ඉඳීයි පුත නුඹටත් කොතැනක හෝ
පිනක් නැතිද ඒ සෙවණේ ඉන්න අහෝ
සිනාසියන් පුත කිරි දත් පෙන්නා
මා අමතනවිට සුරතල් පුතේ කියා
වීදි කොනේ මාවත අද්දර
හඬනා කිරි දරුවෝ
කවදා හෝ නුඹ වියපත් වූ දා
පියා කොහේ දැයි මවගෙන් අසනු එපා
Aakash Noval Production