menu-iconlogo
huatong
huatong
avatar

Asha dahasak(sangeethe)

චතූ👈👉රනද👈huatong
•●◉✿චතු✿◉●•♠huatong
Тексты
Записи
||•●◉✿චතූ✿◉●•||

||•●◉✿රනද✿◉●•||

(M)ආශා දහසක් පොදි බැද

දෑසක් දැක්කොත් ලුහුබැඳ

ජීවිතයට රස්නෙ හොයපු කාලේ

සිහිනෙන් සිහිනෙට වද විද

සැපසේ ඉවසාගෙන දුක

මතකද ඒ පිස්සු නටපු කාලේ

ගිහින් කටුගාලක රෑ පැටලී

ඉර පානෙත් යලි පැටලී

තරුණ විසේ රහට විදපු කාලේ

සිහිකෙරුවත් දෑස් තෙමෙන ලස්සන දේවල් මතකද

ආදරේට පිස්සු වැටුණු කාලේ

(F&M)සිහිකෙරුවත් දෑස් තෙමෙන ලස්සන දේවල් මතකද

ආදරේට පිස්සු වැටුණු කාලේ

🎻🎻 Music🎻🎻🎻

||•●◉✿චතූ✿◉●•||

||•●◉✿රනද✿◉●•||

(F) කදුලු පුරවන් මොකෝ

සතුට හොරු ගත්තදෝ

දුක කියන්න නොසඟවා

තැවුල් කාටත් පොදුයි

(M) සුසුම් හෙලලා සුළන් අතට හරවන්නකෝ

පුළුන් රැල්ලක් වගේ නිදැල්ලේ පාව යයි

කදුළු පිසදා ඉතින් සතුට අරගන්නකෝ

දුක කියන්නේ මේ ජීවිතේ ජය මගයි

සුසුම් මුසුවී තමයි සුළඟ හැදුනේ කියා

හැඩුම් මුසුවී තමයි වැස්ස හැදුනේ කියා

(F&M)වදන් ඔවදන් කර පෙන්වාලු අතීතෙ ලස්සන මතකද

💞💞💞💞💞

(M)හිතේ ඇතිදේ කියාගන්න දවසක් මදී

වෙච්ච දේවල් අහෝ නිමක් නෑ සුන්දරයී

(F) විවර කරදා හදේ සෙනගඇති සෑම දේ

යොවුන් බඹරුන් වගේ ඉන්න කාටත් හැකී

(M)දෑත් විහිදා සුපෙම් මතක පවසන්නකෝ

අසා ඉන්නා තරම් තවත් සතුටක් නොවේ

එවන් රස පෙම් කතා තමයි ඔබගෙයි මගෙයි

පතන පැතුමන් පවා අමුතු වෙනසක් කලේ

(F&M) සිතුම් සිතුවම්සේ ගලපාලූ මතකෙට ස්තුති සැමට🙏🙏

(F&M)ආශා දහසක් පොදි බැද

දෑසක් දැක්කොත් ලුහුබැඳ

ජීවිතයට රස්නෙ හොයපු කාලේ

සිහිනෙන් සිහිනෙට වද විද

සැපසේ ඉවසාගෙන දුක

මතකද ඒ පිස්සු නටපු කාලේ

ගිහින් කටුගාලක රෑ පැටලී

ඉර පානෙත් යලි පැටලී

තරුණ විසේ රහට විදපු කාලේ

සිහිකෙරුවත් දෑස් තෙමෙන ලස්සන දේවල් මතකද

ආදරේට පිස්සු වැටුණු කාලේ

සිහිකෙරුවත් තෙමෙන ලස්සන දේවල් මතකද

ආදරේට පිස්සු වැටුණු කාලේ💞💞💞

||•●◉✿චතූ✿◉●•||

||•●◉✿රනද

Еще от චතූ👈👉රනද👈

Смотреть всеlogo