menu-iconlogo
huatong
huatong
h-r-jothipalaanjaleen-gunathilaka-mee-pirunu-suwada-mal-wane-cover-image

Mee Pirunu Suwada Mal Wane

H. R. Jothipala/Anjaleen Gunathilakahuatong
shiyon_jessehuatong
Тексты
Записи
මී පිරුණු සුවඳ මල් වනේ

ආදරය සිනාසෙනු පෙනේ

පැතුම් බිහිවෙලා කුරුලු වෙස් වලා

අනන්තයට යයි පියාඹලා

රැව් නැගී තුරුනු හද දිනේ

ජීවිතයෙ අරුත දැන් දැනේ

හැඟුම් පිබිදිලා දෙතොල් කොඳුරලා

කතා කරයි පියා සල සලා

සිහිනෙකින් හරී.. සිතන්නට බැරී..

ඉඳුනිලක් ලැබී.. කැලුම් දෙයි පිරී..

විමන් නොපතමී.. යොවුන් නොසොයමී..

ඔබගෙ හද බිමේ.. වැතිර සැතපෙමී..

නෙත් පියන් වැසීලා සිත් තුටින් පිරීලා

නින්ද යයි සුවෙන් නිසන්සලේ..

රැව් නැගී තුරුනු හද දිනේ

ජීවිතයෙ අරුත දැන් දැනේ

හැඟුම් පිබිදිලා දෙතොල් මතුරලා

කතා කරයි පියා සල සලා

මී පිරුණු සුවඳ මල් වනේ

ආදරය සිනාසෙනු පෙනේ

පැතුම් බිහිවෙලා කුරුලු වෙස් වලා

අනන්තයට යයි පියාඹලා

කොකුන් තවරලා.. සඳුන් මුසුවෙලා..

සුගන්ධය ගලයි.. සුළඟෙ විසිරිලා..

පෙරදි තැනකදි.. දිනෙක බැඳි බැඳි..

හිටිය හැටි සිතේ.. මතකෙ ඇඳි ඇඳි..

ඒ දිනත් එසේමයි මේ දිනත් මෙවාගෙයි

පෙම් පහන් දිලෙයි භවෙන් භවෙ

මී පිරුණු සුවඳ මල් වනේ

ආදරය සිනාසෙනු පෙනේ

පැතුම් බිහිවෙලා කුරුලු වෙස් වලා

අනන්තයට යයි පියාඹලා

රැව් නැගී තුරුනු හද දිනේ

ජීවිතයෙ අරුත දැන් දැනේ

හැඟුම් පිබිදිලා දෙතොල් කොඳුරලා

කතා කරයි පියා සල සලා

කතා කරයි පියා සල සලා

කතා කරයි පියා සල සලා

.

..

Еще от H. R. Jothipala/Anjaleen Gunathilaka

Смотреть всеlogo