menu-iconlogo
huatong
huatong
avatar

viduliya eliya daka

Indrani Bogodahuatong
sankavimika..5huatong
Тексты
Записи
\\\\\kopi;;;kade\\\\\\\\

විදුලිය එළිය දැක ගිනි හුළ දියේ හොවා

මඟ වැරදිලා මං මුළා වෙලා

පැනයන මුවන් ළඟ හැලුණයි නෙළූ පලා

දොර ඇරපන් අම්මේ මට සමාවෙලා

;;;;;''kopi kade;;;;;;;;;

කස්තුරි කපුරු කෑ තරමට එපා උනී

තිත්තයි අනේ තිත්තයි මී වදේ පැනී

ඇස් රතු වන කොළොප්පමකට හිනා උනී

මහමෙර වගේ නුඹ නොදොඩා බලා උනී

විදුලිය එළිය දැක ගිනි හුළ දියේ හෙලා

මඟ වැරදිලා වූයේ මං මුළා වෙලා

පැනයන මුවන් ළඟ හැලුණයි නෙළූ පලා

දොර ඇරපන් අම්මේ මට සමාවෙලා

;;;;;;;kopi kade''''''\\\

මෝල් ගහක් ඇවිලුණි කරුම ගින්නට

උණුහුම මදි උණා ඔය පැලෙ ඉන්නට

ආගිය මාවතක් හෙම නෑ පෙනෙන්නට

අම්මේ දොර අරින් නුඹෙ පොඩි හිඟන්නිට

විදුලිය එළිය දැක ගිනි හුළ දියේ හෙලා

මඟ වැරදිලා දිවිවෙ මං මුළා වෙලා

පැනයන මුවන් ළඟ හැලුණයි නෙළූ පලා

දොර ඇරපන් අම්මේ මට සමාවෙලා

පද රචනය - ස්වර්ණ ගුණවර්ධන

සංගීතය - චන්ද්‍රදාස බෝගොඩ ගායනය - ඉන්ද්‍රාණි බෝගොඩ

Еще от Indrani Bogoda

Смотреть всеlogo