Piano Cover#.
Presented by #_Themusicnote.
Song_#Obata Waram Nathi_Karunarathne DIwulgane
____________________
ඔහුට පුදන්නට පූජාසනයේ
නොකිළිටි මල්
පිපුණිද ලඳුනේ
පෙති ගිලිහී ගිය
පරසතු කුසුමක
සුවඳ කොහේ
කොතැනද රැදුනේ
ඔබට වරම් නැති
මටද වරම් නැති
සෙනෙහස කොතැනද
සැඟව ගියේ
ඉවත ගලා ගිය
කඳුලක දිය වී
ප්රථම ප්රේමයයි බොඳව ගියේ
____________________
ආ මඟ වැරදී
ඔහුද ඔබද මා
දෛවයේ තුන්මංසල හමුවේ
බලා හිඳිනු මිස
හඬා වැටෙන්නට
කඳුලක් නෑ දෙනුවන පිපුනේ
ඔබට වරම් නැති
මටද වරම් නැති
සෙනෙහස කොතැනද
සැඟව ගියේ
ඉවත ගලා ගිය
කඳුලක දිය වී
ප්රථම ප්රේමයයි බොඳව ගියේ
__________THE END.