menu-iconlogo
huatong
huatong
avatar

Roja

Dhanith Srihuatong
rhodafayehuatong
Lời Bài Hát
Bản Ghi
රෝජා නුඹ අද හවසත් එනවද?

රෝජා නුඹ මා තනිකර යනවද?

රෝජා තව එක බැල්මක් දෙනවද?

රෝජා නුඹයි ආලෙ මාගේ

ආකාසයෙන් ආ ලඳේ

දෙව්දූකවන් රූපෙ මාගේ

දෝරේ ගලයි ආදරේ

මේ රැය නුඹ මා ළඟ නැති හන්දා

නුඹ ගැන මතකය සිහිනෙක රන්දා

මා තනියම වින්දේ

මා තනියම වින්දේ

රෝජා

රෝජා

කඳුරැල්ලේ ලන්දේ පායා සිනාසේ

මල් වාරෙ ඇවිදින් මෙහේ

දෙකොපුල් විලේහී හසරැල් පිපේවී

හැඟුමන් හදේ යාවෙවී

ආලේ හැඟුම් ප්රේමේ පැතුම්

ඇතිරූ සිතින් මා මෙහේ

හිඳිමී ඉතින් නෙතුකැන් පියන්

එයිදෝ සොයා මා කෙරේ

රෝජා නුඹ තනියම අද එනවද?

රෝජා අද නුඹ මාගේ වෙනවද?

රෝජා නුඹ තව ඈතක යනවද?

රෝජා නුඹයි ආලෙ මාගේ

ආකාසයෙන් ආ ලඳේ

දෙව්දූකවන් රූපෙ මාගේ

දෝරේ ගලයි ආදරේ

මේ රැය නුඹ මා ළඟ නැති හන්දා

නුඹ ගැන මතකය සිහිනෙක රන්දා

මා තනියම වින්දේ

මා තනියම වින්දේ

මා තනියම වින්දේ

මා තනියම වින්දේ

මා තනියම වින්දේ

Nhiều Hơn Từ Dhanith Sri

Xem tất cảlogo