ඇහිදාර පවා ඔබ හෙව්ව නිසා
සංසාරේ පුරා මට ඉන්න වුනා
නොලැබේවී කියා හිත කිව්ව නිසා
මා එක්ක පවා මම තරහා වුනා
සිහින වල මිස හිනාවක හැඩ
නොදුටු මගේ රෝස කුමරි
රහස් මුමුණන දෑස අද හෙට
දෙයිද ඉඟියක් ඇහැරී
එහෙම හිත හිත ඉන්නකොට මට
දෑස මානයේ නැවතී
දුන්න හසරැල් පොදක් ගානේ
මගේ හදවත නවතී
ඇහිදාර පවා ඔබ හෙව්ව නිසා
සංසාරේ පුරා මට ඉන්න වුනා
ගැහෙන පපුවට කන් දිදී හෙට
මතක පිටු හැම පෙරලලා
අඳුරු තැන් ටික මකා දමමුද
රෝස මල් පෙති අතුරලා
එහෙම හිත හිත ඉන්නකොට මට
දෑස මානයේ නැවතී
දුන්න හසරැල් පොදක් ගානේ
මගේ හදවත නවතී
ඇහිදාර පවා ඔබ හෙව්ව නිසා
සංසාරේ පුරා මට ඉන්න වුනා
නොලැබේවී කියා හිත කිව්ව නිසා
මා එක්ක පවා මම තරහා වුනා