menu-iconlogo
huatong
huatong
avatar

Diya Kiduriya Se Sagare

H.r Jothipalahuatong
sadiemae69huatong
Lời Bài Hát
Bản Ghi
දිය කිඳුරිය සේ සාගරේ

දෝතින් ගෙන ආ ආදරේ

මහද විමනේ ආල සිතුවම්

රුවන් රූ පිළිරූ මැවේ

කිව මැන ඔබ කවුදෝ ළඳේ

දිය කිඳුරිය සේ සාගරේ

දෝතින් ගෙන ආ ආදරේ

මහද විමනේ ආල සිතුවම්

රුවන් රූ පිළිරූ මැවේ

කිව මැන ඔබ කවුදෝ ළඳේ

දේහ ලතාවේ රූසිරු වරුණේ

නොදැනී මේ නෙත යා වෙලා

දිගු නිල් වරලේ නිලුපුල් නයනේ

සැඟවේවා හද පා වෙලා

ගිණි දැල් පරදා හස කැන් නැඟුණා

පෙම් ඇරයුම් ගෙන ආ නියා

මනසේ ඇඳුනා දෙනෙතින් මිදුණා

සිහිනය සේ නොපෙනී ගියා

මේ දිවි ගමනේ රන්ටැඹ ඔබ වේ

උපදින සසරේ වාසනා

දිය කිඳුරිය සේ සාගරේ

දෝතින් ගෙන ආ ආදරේ

මහද විමනේ ආල සිතුවම්

රුවන් රූ පිළිරූ මැවේ

කිව මැන ඔබ කවුදෝ ළඳේ

දෙදෙනා හමුවී පෙරදා සසරේ

උන්නා සේ මට ළං වෙලා

සුපුරුදු සුවඳයි ඔබ ළඟ දැනුණේ

කවුරුන්දෝ මේ රූපිකා

හිරු දැක බි‍ඳෙනා පිණි මල වාගේ

ඔබ ඇසුරින් වෙන් වී නොයා

රෑ තනි ඉවුරේ ඈත ඉසව්වේ

දෙදෙනා යමු පෙම් චාරිකා

තනිවෙමු ඔබ මා මේ සැණකෙළියේ

ඔබටයි මේ පෙම් ගීතිකා

දිය කිඳුරිය සේ සාගරේ

දෝතින් ගෙන ආ ආදරේ

මහද විමනේ ආල සිතුවම්

රුවන් රූ පිළිරූ මැවේ

කිව මැන ඔබ කවුදෝ ළඳේ

Nhiều Hơn Từ H.r Jothipala

Xem tất cảlogo