ගයනා ගීතය ඔබ සිත සැනසේවා
රඟනා තාලෙට දහදුක් දියවේවා
සැනසීමෙන් හිත සතුටින් ඉතිරේවා
හිත ආදරයෙන් සැමදා පිබිදේවා
ගයනා ගීතය ඔබ සිත සැනසේවා
රඟනා තාලෙට දහදුක් දියවේවා
සැනසීමෙන් හිත සතුටින් ඉතිරේවා
හිත ආදරයෙන් සැමදා පිබිදේවා
අපි පතනා පෙරුමන් නොලැබුනිදෝ
හිත තියෙනා මනුසත් කම් වියැකුනිදෝ
සුබ මොහොතේ අසුබ නැකැත් බැලුවාදෝ
සිහින විමන් නොපෙනෙන උන් දුන්නාදෝ
සිහින විමන් නොපෙනෙන උන් දුන්නාදෝ
නිහඬ සිතින් සියලුදෙනා හට ආදරෙ දුන්නාද
කඳුළු කතා ඇති මිනිසුන් හට සිනහව දුන්නාද
හැකි පමනින් ඔබ සතු දේ දන් දුන්නාද
හිත සතුටින් කෙදිනක හෝ මියැදෙනවාද
හිත සතුටින් කෙදිනක හෝ මියැදෙනවාද
ගයනා ගීතය ඔබ සිත සැනසේවා
රඟනා තාලෙට දහදුක් දියවේවා
සැනසීමෙන් හිත සතුටින් ඉතිරේවා
හිත ආදරයෙන් සැමදා පිබිදේවා
ගයනා ගීතය ඔබ සිත සැනසේවා
රඟනා තාලෙට දහදුක් දියවේවා
සැනසීමෙන් හිත සතුටින් ඉතිරේවා
හිත ආදරයෙන් සැමදා පිබිදේවා