රිදෙන තරම් සොඳුරුයි ජිවිතේ
කඳුළු පිරෙයි යළි මැකෙයි
දුරට පෙනෙයි නොපෙනෙයි ආදරේ
මතක ලිහෙයි යළි බැඳෙයි
සමුවී නෑ සමුගෙන ගියත්
සමුදුන් සිතින් මගේ
වෙන්වී නෑ වෙන්වී ගියත්
වෙන්වූ හැඟුම් අපේ
ක්ෂිතිජයක් දුර මාවතේ
ආදරේ පවතින තුරා
සිහිනේ අප ළඟ යළි නැවතිලා
ආයෙත් තනිවෙනවා
රිදෙන තරම් සොඳුරුයි ජිවිතේ
කඳුළු පිරෙයි යළි මැකෙයි
(යළි මැකෙයි)
දුරට පෙනෙයි නොපෙනෙයි ආදරේ
මතක ලිහෙයි යළි බැඳෙයි
සමුවී නෑ සමුගෙන ගියත්
සමුදුන් සිතින් මගේ
වෙන්වී නෑ වෙන්වී ගියත්
වෙන්වූ හැඟුම් අපේ