menu-iconlogo
huatong
huatong
avatar

Muladi Benda

H. R. Jothipalahuatong
sosaortizhuatong
Тексты
Записи
මගෙ අත ඔබට හැර හිතවතියකට වෙන

දුන්නොත් මගේ ජීවිතයකි කදුළු බොන

මිනී වලක මා යටකර තබන දින

වැහි නැති අකුණු පුපුරයි මගෙ වලට පැන

මුලදි බැන්ද ආදරයක මිහිර දැන්

සැනසීම සොයමි මගෙ පපුවට තද කරන්

ශෝකය දුක ආවත් මට කොයි තරම්

මම දාලා යන්නෙ නැ මගෙ සුදු රත්තරන්

මුලදි බැන්ද ආදරයක මිහිර දැන්..

අසරණ මා අමතක කෙරුවත් ඔයා

සිතුවාද ඔබව මට අමතක වෙයි කියා

අසරණ මා අමතක කෙරුවත් ඔයා

සිතුවාද ඔබව මට අමතක වෙයි කියා

එහෙම කලොත් යම්කිසි දවසක මෙමා

හමුවන්නෙ ඔබට මේ මගෙ මල කඳ තමා

එහෙම කලොත් යම්කිසි දවසක මෙමා

හමුවන්නෙ ඔබට මේ මගෙ මල කඳ තමා

සෝකය දුක ආවත් මට කොයි තරම්

මම දාලා යන්නෙ නැ මගෙ සුදු රත්තරන්

මුලදි බැන්ද ආදරයක මිහිර දැන්

සැනසීම සොයමි මගෙ පපුවට තද කරන්

මුලදි බැන්ද ආදරයක මිහිර දැන්..

මල් කුමරියො හිටියත් කොතරම් කැලේ

ඒ සැවොම පරාදයි පැහැයට ඔබෙ තොලේ

මල් කුමරියො හිටියත් කොතරම් කැලේ

ඒ සැවොම පරාදයි පැහැයට ඔබෙ තොලේ

එක් වෙන්නට නොහැකි උනොත් රන්කදේ

සැනසෙමු දෙන්නම් එක තැන එක මිනි වලේ

එක් වෙන්නට නොහැකි උනොත් රන්කදේ

සැනසෙමු දෙන්නම් එක තැන එක මිනි වලේ

මුලදි බැන්ද ආදරයක මිහිර දැන්

සැනසීම සොයමි මගෙ පපුවට තද කරන්

ශෝකය දුක ආවත් මට කොයි තරම්

මම දාලා යන්නෙ නැ මගෙ සුදු රත්තරන්

මුලදි බැන්ද ආදරයක මිහිර දැන්..

Еще от H. R. Jothipala

Смотреть всеlogo