menu-iconlogo
huatong
huatong
kasun-kalhara-matath-kawiyak-liyanna-cover-image

matath kawiyak liyanna

Kasun Kalharahuatong
🎀🎯♻️🇱🇰𝗖𝗛𝗔𝗡𝗔𝗞𝗔℠🎤♻️🎀..huatong
بول
ریکارڈنگز
යනවනම් නුඹ ඈත දුරකට

මටත් නොකියම නොඑන්න

දුටුවොතින් සඳ වතිය අහසේ

යන තැනක තතු කියන්න

නුඹේ මග දිග තුරු ලතා වල

මල් පිපීදැයි බලන්න

අපේ ආදර කතාවේ කෙටි

පටුන පෙති මත ලියන්න

පියුම් දහසක් පිපුණු පොකුණක්

හමු උනොත් මග රැඳෙන්න

ඹමර මී මැසි සමනළුන් හට

සෙනෙහසේ කවි කියන්න

ඉතින් නුඹ තව දුර ගියෝතින්

මාව අමතක නොවෙන්න

හිත හැදෙන්නට දුක නිවෙන්නට

මටත් කවියක් ලියන්න

Kasun Kalhara کے مزید گانے

تمام دیکھیںlogo